ඊයේ රාත්රි 10.30ට පමණ පමණ මීටියාගොඩ පොලිස් වසමේ මානම්පිට පාර එරනවිල පිහිටි 86 නම් අවහන්හලේ මත්පැන් පානය කරමින් සිටි පිරිසක් ඉලක්කකොට යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයින් කණ්ඩායමක් විසින් වෙඩි තැබීමක් සිදුකොට ඇති අතර එහිදී එක් අයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇත. මෙලෙස වෙඩි පහරට ලක්ව ඇත්තෙ වරදීවෙල ගෙදර සරත් චමින්ද උදයකුමාර නැමති 57 හැවිරිදි එරනවිල,මීටියාගොඩ පදිංචි පුද්ගලයකු හා මහදුර නලීන් වසන්ත නැමති 52 හැවිරිදි අයකි.
මෙම වෙඩි තැබීමට ලක්වු මහදුර නලීන් යන අය 2015 වර්ෂයේදි පුද්ගලික ආරවුලක් මත ගිනි අවියකින් වෙඩි තබා ද්විත්ව ඝාතනයක් සිදු කිරීමට සැකකරුවකු බවට තොරතුරු අනාවරනය වී ඇති අතර මියගිය චමින්ද උදයකුමාර යන අය වඩු මඩුවක් කරගෙන යනු ලබන පුද්ගලයෙකි .
යතුරුපැදි දෙකකින් පැමිණි කණ්ඩායමක් විසින් ටී පනස් හය ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකොට ඇති බවට මූලික පොලිස් පරීක්ෂණ වලින් හෙළි වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
(ගාල්ල අම්බලංගොඩ අනුරාධ)