ඇල්ල වැල්ලවාය මාර්ගයේ කුඹල්වෙල මංසන්ධියේ සිට කිලෝමිටර් එකක් පමණ දුරින් මාර්ගයේ තනි මංතිරුවක් නායයැමට ලක්ව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ බණ්ඩාරවෙල විධායක ඉංජිනේරු වරයා සදහන් කරයි.
මීට පෙර මෙම ස්ථානයේ මාර්ගය ඉරිතලා ගොස් තිබීම නිසා තාවකාලිකව පිලියම් යොදා තිබි ඇති අතර එලෙස සකසා තිබු කොටස පසුගිය 2 දින රාත්‍රි කඩාගෙන යැමෙන් ජල සම්පාදන මණ්ඩලයට අයත් නල පද්ධතියටද හානි සිදුවු බව වාර්තාවේ .
එම ජලය පහලින් ඇති නිවසකට ගලායාම නිසා එම නිවසට හා නිවැසියන් හටද අවදානම් තත්ත්වයක් පැවතිම නිසා ඔවුන් ආරක්ෂිත ස්ථානයකට යොමුකිරීමට අවශ්‍ය කටයුතු ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සිදුකර ඇත.
ඒ අනුව මෙම ස්ථානයේ මාර්ගයේ ඉවුර විශාල ලෙස කඩාගෙන ගොස් තිබිම හේතුවෙන් එම ස්ථානයේ වාහන ගමනාගමනය එක් මංතිරුවකට සීමා කිරිමට පියවර ගත් බවත් මේ සදහා ස්ථිර විසදුමක් ලබාගැනිමට කාලයක් ගතවන බැවින් අවශ්‍ය තාවකාලික ආරක්ෂක පියවරයන් ගැනිමට කටයුතු කල බවද මාර්ග සංවර්ධන අධිකාරියේ බණ්ඩාරවෙල විධායක ඉංජිනේරු කාර්යාලය තවදුරටත් සදහන් කලේය.