Home » ඉන්දියාවට ගුවන් සීමාව වැසීමෙන් පාකිස්තානයට දිනකට ඩොලර් ලක්ෂ 3ක පාඩුවක්

ඉන්දියාවට ගුවන් සීමාව වැසීමෙන් පාකිස්තානයට දිනකට ඩොලර් ලක්ෂ 3ක පාඩුවක්

by sachintha
May 5, 2025 1:54 am 0 comment

කාශ්මීර් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්තානය අතර උද්ගතවූ යුදමය උණුසුමත් සමඟ ඉන්දීය යානාවලට සිය ගුවන්සීමාව වසා දැමීමට පියවර ගැනීමෙන් පාකිස්තානයට අමෙරිකානු ඩොලර් ලක්ෂ 3ක දෛනික පාඩුවක් විඳ ගැනීමට සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගුවන් ගමන් වි‍ශේෂඥවරුන්ට අනුව පාකිස්තාන ගුවන් සීමාව ඔස්සේ පියාසර කරනු ලබන යානයක් ඩොලර් 580ක ගාස්තුවක් ගෙවිය යුතු වන අතර, යුරෝපය ඇතුළු සෙසු රටවලට පියාසර කරනු ලබන ඉන්දීය යානාවලට පාකිස්තාන ගුවන් සීමාව තහනම් කිරීමෙන් ඩොලර් 2,32,000ක දෛනික පාඩුවක් සිදුවනු ඇතැයි ද, එම ගුවන්යානා තාක්ෂණික කටයුතු සඳහා පාකිස්තානයේ ගොඩබැස්වීමෙන් හෝ ගාල් කිරීමෙන් ලැබෙන ආදායමත් සමඟ පාකිස්තානයට ඩොලර් ලක්ෂ 3ක පමණ දෛනික පාඩුවක් සිදුවනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

පාකිස්තානය ඉන්දීය ගුවන් යානාවලට සිය ගුවන් සීමාව වසා දැමීමට පියවර ගෙන ඇත්තේ කාශ්මීර් ප්‍රහාරයෙන් පසු ඉන්දුස් ජල ගිවිසුම අනුව ඉන්දීය ගංගාවලින් පාකිස්තානට සපයනු ලබන ජලය අත්හිටුවීමට ඉන්දීය රජය ගත් තීරණයට ප්‍රතිචාර දක්වමින් බවත්, අනතුරුව ඉන්දියාව ද පාකිස්තාන යානාවලට සිය ගුවන් සීමාව වසා දැමීමට පියවර ගත් බවත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT