Home » ගල්කිස්සේ පුද්ගල ඝාතනයකට 03 ක් අත්අඩංගුවට

ගල්කිස්සේ පුද්ගල ඝාතනයකට 03 ක් අත්අඩංගුවට

by yasara
May 5, 2025 10:59 am 0 comment

පසුගිය මැයි 01 වනදා ගල්කිස්ස පොලිස් වසමේ හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙයි.

පසුගිය මැයි 01 වනදා දහවල් කාලයේ මෙම ඝාතනය සිදුකර තිබූ අතර, අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව ඊයේ (04) දින මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු කොට්ටාව පොලිස් වසමේ මාකුඹුර අධිවේගි මාර්ග බස් නැවතුම්පල අසලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

සැකකරුවන් අවුරුදු 31, 32 හා 34 යන වයස්වල පසුවන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

මෙම සැකකරුවන්ගෙන් අනාවරණය කර ගත් තොරතුරු මත අපරාධයට යොදාගත් කඩු 02ක් හා ජංගම දුරකථනයක් සොයාගෙන ඇත.

බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT