Home » ජනපතිට වියට්නාමයේදී උණුසුම් පිළිගැනීමක්

ජනපතිට වියට්නාමයේදී උණුසුම් පිළිගැනීමක්

by sachintha
May 5, 2025 1:01 am 0 comment

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා පෙරේදා (03) දිවයිනෙන් බැහැරව ගියේය.

එම සංචාරයට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

මෙරටින් ගිය ජනාධිපතිවරයා ඇතුළු පිරිස වියට්නාමයේ නෝයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී මහත් හරසරින් යුතුව එරට කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කමිටු සාමාජිකයකු සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය න්ගුයෙන් මන් කුඕං (Nguyen Manh Cuong) මහතා ඇතුළු රාජ්‍ය නියෝජිතයන් පිරිසක් විසින් පිළිගැනු ලැබීය.

මෙම පිළිගැනීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති වන ට්‍රින් තී ටැම් (Trinh Thi Tam), වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති පෝෂිත පෙරේරා මහත්ම මහත්මින් සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජිතයෝ පිරිසක් ද සහභාගි වූහ.

ඊයේ (04) පස්වරුවේ ජනාධිපතිවරයා හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස්ථානයේදී කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටෝ ලාම් ( Tô Lâm) මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.

අනතුරුව ජනාධිපතිවරයා සහ විදේශ කටයුතු ඇමැතිවරයා ඇතුළු මෙරට නිලධාරී පිරිස අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථානවලින් එකක් වන බායි ඩිං (Bai Dinh) විහාරස්ථානයට පැමිණ වැඳ පුදාගනිමින් ආශීර්වාද ලබාගත්හ. එහි පිවිසුම් දොරටුව අසලදී ශ්‍රී ලංකා සහ වියට්නාම් ජාතික ධජ අතැතිව වියට්නාම් ජනතාව ජනාධිපතිවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

උපාලි කරුණාරත්න

ජනපති අනුර වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් හමුවෙයි

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස්ථානයේදී කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටෝ ලාම් (To Lam) මහතා හමුවී ඊයේ (04) පස්වරුවේ සාකච්ඡා පැවැත්වීය. වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර වසර 55ක රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා ද මෙම අවස්ථාවට එක් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT