Home » පක්ෂයට අදාළ සලකුණ ඉදිරියේ කතිරය පමණක් සටහන් කරන්න

පක්ෂයට අදාළ සලකුණ ඉදිරියේ කතිරය පමණක් සටහන් කරන්න

-මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

by sachintha
May 5, 2025 1:41 am 0 comment

පළාත් පාලන මැතිවරණයට අදාළව කටයුතු කරන සියලු රාජ්‍ය නිලධාරීන් හා අනෙකුත් සියලු දෙනාට අයත් පත්වීම් ලිපි බෙදා හැර අවසන් බවත් ඒ සියලු දෙනා නියමිත පරිදි අදාළ ස්ථානවල සේවයට වාර්තා කළ යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසයි.

මැතිවරණ රාජකාරිය අත්‍යවශ්‍ය රාජකාරියක් බැවින් ඒ ඒ නිලධාරීන් දන්වා ඇති පරිදි කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ද විශේෂ ප්‍රකාශක් කරමින් හෙතෙම ඊයේ (05) කියා සිටියේය. එහිදී ඡන්දය සලකුණු කරන ආකාරය ගැන ද හෙ‍ෙතම පැහැදිලි මෙලෙස කර සිටියේය.

“එක් එක් පළාත් පාලන ආයතන වෙනුවෙන් වෙන්වෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර තිබෙනවා. පිළිගත් දේශපාලන පක්ෂ, දේශපාලන කණ්ඩායම් නම් ඇතුළත් කර තිබෙනවා. ඒ ඒ සලකුණු ඉදිරියේ කතිර සලකුණ පමණක් යොදන්න. එම ඡන්ද පත්‍රිකාව තුළ කිසිවක් ලිවීම, ඇඳීම, නමක් ලිවීම, කුරුටුගෑම, සටහන් කිරීම නොකළ යුතු අතර එසේ කළහොත් ඡන්ද පත්‍රිකා ප්‍රතික්ෂේප කෙරෙන බව ද අවධාරණය කළේය.

එමෙන්ම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු ඡන්දදායකයන් අද (05) සහ මැතිවරණය පැවැත්වෙන හෙට (06) දිනයේදී ද තමන්ට අයත් තැපැල් කාර්යාලය වෙත ගොස් එය ලබාගත හැකි බව ද කීවේය. එසේ නොමැති නම් මැතිවරණ වෙබ් අඩවිය වෙත ගොස් බාගත කළ හැකි බව ද කීවේය.

එමෙන්ම මැතිවරණය සඳහා අවශ්‍ය නිවාඩු ලබා දීම සඳහා රාජ්‍ය අංශයට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවත් පෞද්ගලික අංශය විසින් අවශ්‍ය නිවාඩු ලබා දීම සිදු කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

ඡන්දය භාවිත කිරීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ පැරණි සහ නව හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියැදුරු බලපත්‍රය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ තම ඡායාරූපය ඇතුළත් තාවකාලික අවසරපත, වැඩිහිටි හැඳුනුම්පත, පූජ්‍ය පූජක වලංගු හැඳුනුම්පත ඇතුළු පිළිගත් හැඳුනුම්පතක් ඇතිව පැමිණෙන ලෙස දන්වා සිටියේය.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT