Home » පක්ෂයට අදාළ සලකුණ ඉදිරියේ කතිරය පමණක් සටහන් කරන්න

පක්ෂයට අදාළ සලකුණ ඉදිරියේ කතිරය පමණක් සටහන් කරන්න

by yasara
May 6, 2025 8:08 am 0 comment

පළාත් පාලන මැතිවරණයට අදාළව එක් එක් පළාත් පාලන ආයතන වෙනුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර තිබෙන බවත්, පක්ෂයට අදාළ සලකුණ ඉදිරියේ කතිරය පමණක් සටහන් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ්. එල්. රත්නායක මහතා පවසයි.

එම ඡන්ද පත්‍රිකාව තුළ කිසිවක් ලිවීම, ඇඳීම, නමක් ලිවීම, කුරුටුගෑම, සටහන් කිරීම නොකළ යුතු අතර එසේ කළහොත් ඡන්ද පත්‍රිකා ප්‍රතික්ෂේප කෙරෙන බව ද ඒ මහතා අවධාරණය කළේය.

එමෙන්ම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු ඡන්දදායකයන් මැතිවරණය පැවැත්වෙන අද (06) දිනයේදී ද තමන්ට අයත් තැපැල් කාර්යාලය වෙත ගොස් එය ලබාගත හැකි ය.

එසේ නොමැති නම් මැතිවරණ වෙබ් අඩවිය වෙත ගොස් බාගත කළ හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT