මෙවර ඡන්ද ප්‍රතිඵල වෙනදාට වඩා කළින් ප්‍රකාශයට පත් කළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
මේ වනවිට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වූ වහාම ඡන්ද ගණන් කිරීම ආරම්භ කරන බව හෙතෙම කීය.
සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ පස්වරු 4.00 ට ඡන්ද විමසීම අවසන් වූ වහාම එම කටයුතු අදාළ ඡන්ද මධ්‍යස්ථානවලම ආරම්භ වන බවත් කොට්ඨාසකයට එක ඡන්ද මධ්‍යස්ථානයක් පමණක් තිබේ නම් එම මධ්‍යස්ථානවලදීම ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන බවයි.
කොට්ඨාසයකට ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් ඇත්නම් පමණක් එක ස්ථානයකට ගෙනැවිත් එම ස්ථානයේදී වෙන වෙනම ගණන් කර ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
එසේම දුර වැඩි ස්ථානවලදී එම ස්ථානවලදීම ඡන්දය ගණන් කර ප්‍රතිඵල පමණක් එක් මධ්‍යස්ථානයකට ගෙන ඒමට කටයුතු කරන බවද හෙතෙම කීය.
ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම කොට්ඨාසය තුළදීම සිදුවිය යුතු බවද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.