192
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීමට ලබා දුන් කාලය අද පස්වරු 4.00 ට අවසන් විය.
අද පෙරවරු 7.00 ට දිවයින පුරා මධස්ථාන 13,759 ක දී ඡන්ද ආරම්භ විය.
මේ අතර මධ්‍යස්ථාන 5,783කදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.
පළාත් පාලන ආයතන 339ක් සඳහා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඡන්ද දායකයින් එක් කෝටි 71 ලක්ෂ 56,338 දෙනෙකු සුදුසුකම් ලබා සිටී.
මෙවර මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයින් 75,589 දෙනෙකු ඉදිරිපත්ව සිටින අතර ඉන් සභිකයින් 8,287 දෙනෙකු තෝරා පත් කර ගැනීමට නියමිතය.