මුරණ්ඩු ළමයි ඉන්නවා නේද? දවසකට එක පාරක් හරි ආත්‍තම්මාගෙන්, සීයාගෙන් පාරක් කන. කියන දේ අහන්නෙ නෑ කියලා බැණුමක් අහන.
පරිස්සම් කරගන්න. හැබැයි වෙනස් කරන්න යන්න එපා.
ඒ හිත්වල තියෙනවා නිවන්න අමාරු පුංචි ගිනි පුළිඟු. ඒවට ටික ටික වැඩෙන්න දෙන්න. නිතරම ගහලා බැණලා ඒවා නිවන්න එපා. ඒවා ලොකු වෙද්දි විශාල ශක්තියක් බවට පත්වෙනවා. ලෝකෙට අවශ්‍ය අද්විතීය මිනිස්සු වෙන්නේ එහෙම ළමයි.
හැබැයි එයාලට කියලා දෙන්න නොමඟ යන්නෙ නැතුව, වැරදි තැන්වල පාවිච්චි වෙන්නෙ නැතුව ඒ ශක්තිය නිවැරදි විදියට හසුරවගන්න. හරියට මැටි අඹනවා වගේ ඒ ශක්තිය පිරිච්ච හිත්වලට හරි මාර්ගය පෙන්නනව.
අමාරුයි…. මොකද එයාලා වෙනස්. මවුපියෝ විදියට ඔයාලට හැම පැත්තෙන්ම බැණුම් අහන්න වෙයි. පොඩි කාලෙදි එයාලට තේරෙන්නෙත් නැති නිසා එයාලත් ඔයාලට වදයක් වෙයි.
ඒත් ඉවසන්න. අවසානයේ එයාලත් තේරුම් ගනියි ඔයාලා කරපු කැපකිරීම.