ගොඩාක්ම යූ ටියුබර්ස්ලා කියන්නේ අති භයානක සත්තු විශේෂයක්. උන්දැලා සංඥාර්ථවේදය, කැමරා ඈන්ගල්, අනපේක්ෂිත පින්තූරවලට පෙනී සිටීම්, සබුද්ධික බාධා කිරීම්, වටේ යැවීම්, ඕනිනං ප්‍රෝග්‍රෑම් එක පබ්ලිෂ් නොකිරීම, පබ්ලිෂ් කරන ලද ප්‍රෝග්‍රෑම් එක නැවත එඩිට් කිරීම, ඕනිනං ප්‍රෝග්‍රෑම් එක ලොක් කිරීම, ප්‍රෝග්‍රෑම් එකේ කෑලි අරගෙන මීම්ස් හැදීම…… වගේ අපි කවුරුවත් නොහිතන වැඩ කරන, කෙනෙකුගේ පෞරුෂය අංශක 180ක් හරවන අය. හැබැයි මාධ්‍යයත් එක්ක වැඩ කරලා එක්ස්පීරියන්ස් තියෙන එහෙම නොතිබුණත් ජීවිත පරිඥානය තියෙන, ආචාරධර්ම ගැන දිවිහිමියෙන් විශ්වාස කරන, හිතේ කහටක් නැති යූ ටියුබර්ස්ලත් ඉන්නවා. ඒ අයයි සත්තුයි වෙන්කරලා පෙන්වන එක හෙණ අමාරු වැඩක්. ඒ වගේම කියන්න ඕන යූටියුබර් කෙනෙක් මොන වටවංගු දැම්මත් රනිල් සහ අනුර නම් දියාරු කරන්න ලේසි නෑ. මට සජිත් ගැන දුකයි. මේ යූ ටියුබර්ස්ලා එක්ක ප්‍රෝග්‍රෑම් එකකට යාම ගැන.
37