38
ශ්‍රී ලංකාවේ කර්මාන්ත අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත අමාත්‍යාංශය අතර ඇති කරගෙන තිබෙන යන්ත්‍රෝපකරණ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව 2011 වර්ෂයේදී එළඹුණු අවබෝධතා ගිවිසුම අලුත් කිරිම සඳහා කර්මාන්ත අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. යාන්ත්‍රික උපකරණ සහ ඒ ආශ්‍රිත උපකරණ නිෂ්පාදනය දියුණු තාක්ෂණයන් හුවමාරු කර ගැනීම සඳහා පුහුණුව, තාක්ෂණය ලබා දීම ඇතුළු කරුණු රැසක් මෙම යාවත්කාලීන කරනු ලබන ගිවිසුමට ඇතුළත්ය.
දෙරට අතර මෙම ගිවිසුම යාවත්කාලීන කිරීම මඟින් දෙරටේ තාක්ෂණ සහ යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා විශාල දායකත්වයක් ලබාගත හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ සඳහන් කරති.
උදිත ගුණවර්ධන