මෙරට ජනතාවගේ කිරි අවශ්‍යතාවය සපුරමින් තරගකාරී නව නිෂ්පාදන රැසක් පාරිභෝගික ජනතාව වෙත රැගෙන යාම සඳහා නව ව්‍යවසායකයින් 500ක් බිහි කරමින් මිල්කෝ නිෂ්පාදන අලෙවිසල් 500ක් ආරම්භ කිරීමේ ජාතික වැඩපිළිවෙළ අනුව පළමු අලෙවිසල් 50 මැයි මස විවෘත කිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම හා පසු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම වැඩසටහන සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මූල්‍ය දායකත්වය ලබා දෙනු ඇත. එහිදී නව ව්‍යවසායකයින් සඳහා අවශ්‍ය ණය පහසුකම් ලබා දීමට බැංකුව ඉදිරිපත් වී ඇත. ඒ අනුව නව ව්‍යවසායකයින් සඳහා ණය පහසුකම් මෙන්ම උපදේශන සහය ද ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ මිල්කෝ ආයතනය මඟින් සපයනු ලබන බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි .
රජිත බස්නායක