Home » ගාසා මෙහෙයුම් පුළුල් කිරීමට ඊශ්‍රායල ආරක්ෂක කැබිනෙට්ටුවේ අනුමැතිය

ගාසා මෙහෙයුම් පුළුල් කිරීමට ඊශ්‍රායල ආරක්ෂක කැබිනෙට්ටුවේ අනුමැතිය

by sachintha
May 6, 2025 1:41 am 0 comment

ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය හමාස් සංවිධානයට එරෙහිව සිය හමුදා ප්‍රහාර පුළුල් කිරීමේ සැලසුමක් අනුමත කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගාසා තීරයේ බලය අත්පත් කරගැනීම ද එම සැලසුමට ඇතුළත් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. මේ සඳහා දස දහස් ගණනින් හමුදා භටයන් කැඳවා ඇතැයි ද, දැනට හමාස් සංවිධානය රඳවා තබා සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම සහ හමාස් සංවිධානය විනාශ කිරීම එහි අරමුණ වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කෙසේ වෙතත් එම සැලසුම ක්‍රියාත්මක කරනු ලබන්නේ ලබන සතියේ ඊශ්‍රායලයට පැමිණීමට නියමිත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංචාරයෙන් පසුව බව ද වාර්තා වේ.

මාස දෙකක් පුරා ගාසා තීරයට ආහාර සහ අනෙකුත් මානුෂීය ආධාර සැපයීම ඊශ්‍රායල හමුදාව අවහිර කර ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා එල්ල කර ඇති බැවින් ඉදිරියේදි පෞද්ගලික සමාගම් හරහා එම කලාපයට මානුෂීය ආධාර බෙදා හැරීමේ සැලසුමකට ද ඊශ්‍රායල ආරක්ෂක කැබිනෙට්ටුවේ අනුමැතිය හිමිවී ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT