ත්‍රස්තවාදයට එරෙහිව ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අමෙරිකාව සූදානම් බව එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රූබි ප්‍රකාශ කර ඇතැයි ට්‍රිබියුන් ඉන්ඩියා පුවත් සේවය වාර්තා කළේය. රාජ්‍ය ලේකම්වරයාගේ ප්‍රකාශයක් නිවේදනය කරමින් අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා ටැමී බෘස් සඳහන් කර ඇත්තේ ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්.ජයිශංකර් සමඟ පැවැති දුරකතන සාකච්ඡාවේදී අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එම සහයෝගය තහවුරු කළ බවය. පසුගියදා කාශ්මීරයේ පැහැල්ගාම් ප්‍රදේශයේ සංචාරකයන් ඉලක්ක කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට ශෝකය පළ කර ඇති රාජ්‍ය ලේකම්වරයා ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා කැපවන බවට ද ප්‍රතිඥා දී ඇතැයි ට්‍රිබියුන් ඉන්ඩියා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
දකුණු ආසියාවේ සාමය හා ආරක්ෂාව පවත්වා ගැනීමට පාකිස්තානය සමඟ කටයුතු කිරීමට අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉන්දියාව දිරිමත් කළ බවත්, කාශ්මීර ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් හා අපරාධකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවට මෙහිදී ඉන්දීය විදේශ ඇමැතිවරයා සඳහන් කළ බව ද වාර්තා වේ.