Tuesday, May 6, 2025
Home » කටුනායක වෙඩි තැබීමක්

කටුනායක වෙඩි තැබීමක්

by yasara
May 6, 2025 11:28 am 0 comment

shoot Gun

කටුනායක 18 කණුව ප්‍රදේශයේ නිවෙසකට පහර දෙමින් කළකළහකාරී ලෙස හැසිරුණ පුද්ගයෙකු පාලනය කිරිම සදහා එතැනට ගිය සීදුව පොලීසියේ නිලධාරීන් පිරිසක්  එම පුද්ගලයාගේ කකුලට (06)  දින උදෑසන  වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

අද උදෑසන 10.15 ට පමණ කටුනායක  18 කණුව  මායිම් පාර ප්‍රදේශයේ නිවෙසකට කිසියම් පුද්ගලයෙකු පැමිණ පහර දෙමින් කළහකාරී ලෙස හැසිරෙන බවට එම නිවෙස් හිමියන් සීදූව පොලීසිය වෙත පැමිණිළි කර තිබේ .

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය එම ස්ථානයට යන විටත් , ඔහු එම ස්ථානයේ රැදී සිට ඇති අතර , ඔහු පාලනය කර එතැනින් ඉවත් කිරිමට ප්‍රයත්න දරද්දීත් ඔහු පොලිස් නිලධාරීන් වෙත ද ප්‍රහාර එල්ල කර තිබේ .

එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් මෙම පුද්ගලයාට වෙඩි තබා තිබේ .

මෙම ගැටුමෙන් පොලිස් නිලධාරීවරයෙකු ද තුවාල ලබා ඇති අතර , වෙඩි පහරට ලක්වූ පුද්ගලයා සීදුව රෝහලට වෛද්‍ය ප්‍රතිකාර සදහා ඇතුලත් කර තිබේ .

සීදුව පොලීසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT