Tuesday, May 6, 2025
Home » පුතාගේ යකඩ පොලු පහරින් පියා මරුට – ඝාතනය වසන් කිරීමට අසල්වැසියන්ගෙන් උදව් ඉල්ලයි

පුතාගේ යකඩ පොලු පහරින් පියා මරුට – ඝාතනය වසන් කිරීමට අසල්වැසියන්ගෙන් උදව් ඉල්ලයි

by yasara
May 6, 2025 11:52 am 0 comment

ගලේවෙල මකුළුගස්වැව  ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රියේ පියෙකු සහ පුතෙකු අතර ඇති වූ ගැටුමකින් පුතා විසින් එල්ල කළ යකඩ පොලු පහරකින් පියා  මියගොස් ඇතැයි මකුළුගස්වැව පොලිසිය කියයි.

මෙම ඝාතනය  සැඟවීම සඳහා රාත්‍රියේ සිට  අද (06) උදෑසන දක්වා මෙම පුතා සැලසුම් සකස් කරමින් සිටියදී අසල්වැසි කාන්තාවකට ගොස් ඒ සඳහා සහයෝගය ඉල්ලා සිටීමේ දී මෙම මරණය පිළිබඳව තොරතුරු හෙළි වී ඇත.

එම පියා බිම ඇද වැටී මරණයට පත් වූ බව සැලසුම් සැකසීම සඳහා අසල්වැසි ඥාතීන්ගේ උදව් ඉල්ලීමේ දී එම ඥාතීන් ඊට විරුද්ධ ව නීතිමය පියවර ගෙන තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල මකුළුගස්වැව හතරේ කණුව ප්‍රදේශයේ පදිංචි සමන් ප්‍රියන්ත පනස් තුන් හැවිරිදි දෙදරුපියෙකි.

මෙම නිවසේ මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ පහර දුන් බව කියන  අයගේ පුතා  ජීවත්ව සිටි බව මකුළුගස්වැව පොලිසිය කියයි

නිතර නිතර මත්පැන් පානය කොට මෙම පියා සහ පුතා අතර ගැටුම් ආරවුල් හටගෙන අවස්ථා ගණනාවක පොලිසිය සමථයකට පත් කොට තිබෙන බවද මකුළුගස්වැව පොලිසිය කියයි.

ඒ අනුව මෙම දෙදෙනා ඊයේ රාත්‍රියේ ගැටුමක් ඇති කරගෙන තිබෙන බවත් පසුව නිවසේ තිබුනු යකඩ මුගුරකින් පියාට පහරක් එල්ල කොට කාමරයට දමා ඇත.

මළ සිරුර ඔහු විසූ නිවසේ කාමරයක දමා තිබුණු අතර සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙවන විට ස්ථාන පරීක්ෂණය සිදුකරමින් සිටිති

පියා ඝාතනය කල  බවට සැක කරන පුතා අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT