92
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදු කළ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව තුසිත හල්ලොලුව නැමැති අයට ප්‍රකාශයක් ලබා දී සදහා හෙට(07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.
අදාළ ප්‍රකාශය මගින් මහජන සාමයට හා ජාතික ආරක්ෂාවට ගැටළු උද්ගතවන ආකාරයේ ප්‍රකාශයක් සිදු වී ඇති බැවින් එම ප්‍රකාශයේ අඩංගු කරුණු සම්බන්ධ මූලාශ්‍ර අනාවරණය කර ගැනීම සදහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109(6) වගන්තිය ප්‍රකාරව වූ දැන්වීමක් යොමු කරමින් මාධ්‍ය ඔස්සේ මෙම ප්‍රකාශය කළ තුසිත හල්ලොලුව යන අයට හෙට උදෑසන 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.