Home » ජනපති ගැන සාවද්‍ය ප්‍රකාශයක් කළා යැයි කියන තුසිත හල්ලොලුව CID කැඳවයි

ජනපති ගැන සාවද්‍ය ප්‍රකාශයක් කළා යැයි කියන තුසිත හල්ලොලුව CID කැඳවයි

by chanaka
May 6, 2025 5:46 pm 0 comment

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදු කළ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව තුසිත හල්ලොලුව නැමැති අයට ප්‍රකාශයක් ලබා දී සදහා හෙට(07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

අදාළ ප්‍රකාශය මගින් මහජන සාමයට හා ජාතික ආරක්ෂාවට ගැටළු උද්ගතවන ආකාරයේ ප්‍රකාශයක් සිදු වී ඇති බැවින් එම ප්‍රකාශයේ අඩංගු කරුණු සම්බන්ධ මූලාශ්‍ර අනාවරණය කර ගැනීම සදහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109(6) වගන්තිය ප්‍රකාරව වූ දැන්වීමක් යොමු කරමින් මාධ්‍ය ඔස්සේ මෙම ප්‍රකාශය කළ තුසිත හල්ලොලුව යන අයට හෙට උදෑසන 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT