ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයේ 46 වැනි සංවත්සරයට සමගාමීව සංවිධාන කළ විශේෂ මාධ්‍ය වැඩමුළුවක් ඉකුත්දා පැවැත්විණි.
ඒ සඳහා අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් ආශ්‍රිතව පිහිටුවා ඇති මාධ්‍ය කව නියෝජනය කරමින් මාධ්‍ය විෂය උගන්වන ගුරුවරුන් ඇතුළු සිසු දරු දැරියන් දෙසීයක පමණ පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
මේ වැඩමුළුවේදී ගුවන් විදුලි මාධ්‍ය ඉතිහාසය, විකාශනය සහ වර්තමාන ප්‍රවණතා පිළිබඳව සිසු දරු දැරියෝ දැනුම්වත් කළහ. සජීවී මැදිරි විකාශන කටයුතු, ප්‍රධාන පාලක මැදිරිය, පටිගත කිරීමේ මැදිරි ක්‍රියාවලිය, ප්‍රවෘත්ති වාර්තාකරණය ආදී විෂය තේමා ද එහිදී සාකච්ඡාවට ගැනිණි.
මැදිරි පටිගත කිරීමේ අවස්ථා සඳහා සම්බන්ධ වීමේ අවස්ථාව ද මෙහිදී දරු දැරියන්ට හිමි විය. රජරට සේවයේ පාලක ප්‍රසන්න දිසානායක, ප්‍රවීණ මාධ්‍යවේදී ජෝතිපාල තෙඹුවන මහත්වරුන්, රජරට සේවයේ කාර්ය මණ්ඩලය, ගුරුභවතුන්, සිසු දරු දැරියන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
තඹුත්තේගම විශේෂ – ඩබ්ලිව්. ප්‍රදීප්