“ආරක්ෂක සංවාදය – 2025”ට සහභාගිවීමට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ දූත පිරිසක්, ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පාකිස්තානයට ගොස් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
උපායමාර්ගික කරුණු, හමුදා සහයෝගිතාව සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල වැඩිදියුණු කළ සහයෝගිතාව සඳහා නව මාර්ග පිළිබඳ පුළුල් සාකච්ඡා හරහා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දිගුකාලීන ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම මේ සංචාරයේ අරමුණ බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ඉස්ලාමාබාද්හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ දී වැඩබලන මහකොමසාරිස් ක්‍රිස්ටි රූබන්, පාකිස්තාන ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ දූත මණ්ඩලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් කමින්ද සිල්වා මහත්වරුන් විසින් ශ්‍රී ලංකා දූත පිරිස උණුසුම් ලෙස පිළිගෙන තිබේ.
මේ සංචාරය දෙරට අතර ගැඹුරින් මුල් බැසගත් ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරන අතර කලාපීය සාමය,ආරක්ෂාව සහ සංවර්ධනය සඳහා ඔවුන්ගේ හවුල් කැපවීම අවධාරණය කරන බවද විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.
මහින්ද අලුත්ගෙදර