ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ජාත්‍යන්තරයට රැගෙන යෑමේ අරමුණින් සංවිධාන කළ “Beauty of Sri Lanka” 2025 ඡායාරූප ප්‍රදර්ශනය අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ දී පවත්වා තිබේ.
මේ ඡායාරූප ප්‍රදර්ශනය ලොස් ඇන්ජලීස්හි අමෙරිකා –
ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය එක්ව සංවිධාන කර ඇත. පස්වැනිවරටත් සංවිධාන කළ මේ වාර්ෂික ඡායාරූප ප්‍රදර්ශනයට නිව්යෝර්ක්හි පිහිටි රාජ්‍යතාන්ත්‍රිකයන් විශාල පිරිසක් එක්ව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
“ශ්‍රී ලංකාවේ සුන්දරත්වය” යන මාතෘකාව යටතේ පැවති මේ ප්‍රදර්ශනයේ දී, ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වය, වනජීවීන්, සංස්කෘතික උරුමයන් නිරූපනය කරන ඡායාරූප 80කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කර තිබේ. එය ශ්‍රී ලංකාවේ භූ දර්ශනයේ සහ වනජීවීන්ගේ සුන්දරත්වය සැමරීමක් වූ අතර දෘශ්‍ය කතන්දර කීමේ බලය සිහිපත් කිරීමක් ද වෙයි.
මහින්ද අලුත්ගෙදර