Home » මුළු කොළඹටම මදුරුවන් බෝ කරනවා බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය
ක්‍රිෂ් ගොඩනැඟිල්ලට රතු නිවේදන:

මුළු කොළඹටම මදුරුවන් බෝ කරනවා බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය

by sachintha
May 6, 2025 1:49 am 0 comment

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ගැන සෝදිසි කිරීමේදී කොළඹ කොටුව පරිශ්‍රයේ පිහිටා තිබෙන, ක්‍රිෂ් ගොඩනැඟිල්ලේ තිබෙන අනාරක්ෂිත තත්ත්වය ගැන අනාවරණය වී තිබේ.බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක “War Against Dengue” වැඩසටහනට සමගාමීව බස්නාහිර පළාත පුරා ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳව සෝදිසි කිරීමේදී මේ බව අනාවරණය වී තිබේ. “War Against Dengue” වැඩසටහන සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ පසුගියදා පැවති පළමු සාකච්ඡාවට සහභාගී වූ ඉහළ පොලිස් නිලධාරියකු ආණ්ඩුකාරවරයාට කියා සිටියේ මුළු කොළඹටම මදුරුවන් වගා කරන ස්ථානය මේ ක්‍රිෂ් ගොඩනැඟිල්ල බව යැයි ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව කොළඹ මහ නගර සභාවේ නිලධාරීන්,මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් සහ කීට විද්‍යා ඒකකයේ නිලධාරීන් විසින් ගොඩනැඟිල්ල නිරීක්ෂණය කිරීමට කටයුතු කර කීට නාශක යෙදීමත් ධූමායන කටයුතු සිදු කෙරිණි.

මදුරුවන් බෝවන ආකාරයෙන් පරිශ්‍රය පවත්වා ගෙන යෑම නිසා රතු නිවේදනයක් නිකුත් කිරීමට නිලධාරීන්ට සිදු වූ බවද ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කළේය.

නෙරංජලා වික්‍රමසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT