අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ ජාතික ශිෂ්‍යභට බළකාය පස්වන බළඇණිය ඇගයීම් කඳවුරට 2025.04.28 වන දින සිට 2025.05.03 දින දක්වා මුලතිව් ජාතික ශිෂ්‍යභට බාලක පුහුණු මධ්‍යස්ථානයට සහභාගි වූ අතර, වලිසිංහ හරිස්චන්ද්‍ර ශිෂ්‍යභට ඉතිහාසයේ මුල්ම වතාවට ශිෂ්‍යභට බාලකයන් 25 දෙනා සුවිශේෂි ජයග්‍රහණ රැසක් අත්කර ගනිමින් පළාත් ඇගයීම් කඳවුරේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත්වි ය.පාසල නියෝජනය කරමින් මුලතිව් කඳවුරට සහභාගි වූ ප්‍රථම ශිෂ්‍යභට කණ්ඩායම මෙය වන අතර, කණ්ඩායම් භාර නිලධාරිනී මේජර් එච්. එම්. සුනේත්‍රා කුමාරි මහත්මිය ඔවුන් මෙහෙයවූවාය.පාසලේ විදුහල්පති ඩබ්ලිව්. ඩබ්ලිව්. ඒ. පී. පද්මසිරි,පස්වන බළඇණිය අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් රවින්ද්‍ර විතානගේ,විෂය සමගාමී නියෝජ්‍ය විදුහල්පතිනී නදී සෙනෙවිරත්න, ජයන්ත දිසානායක,නියෝජ්‍ය විදුහල්පති කමල් චාමින්ද ,නාට්‍ය අංශයේ නැටුම් ගුරු යන මහත්ම මහත්මීන් ද, ආදි ශිෂ්‍යභටයන් සහ බාලිකා ශිෂ්‍යභටයන්ටද මවුපියන්ට ද ජයග්‍රාගී ශිෂ්‍යභටයන් 25 දෙනාගේ විශේෂ ස්තුතිය පුද කෙරිණි.
වලිසිංහ හරිස්චන්ද්‍ර මහ විදුහලේ ශිෂ්‍යභට බළකායේ පස්වන බළඇණිය ඇගයීම් කඳවුරේ ප්‍රථම ස්ථානයට
by sachintha
May 6, 2025 1:51 am
0 comment
56
මීලඟ පුවත