චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ විශේෂ නියෝජිතයන් පිරිසක් මහජන එක්සත් පෙරමුණේ නායක, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹදී හමුවිය.
මේ අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ නිලධාරීහු ද එක්වූහ. මහජන එක්සත් පෙරමුණ සහ දිනේෂ් ගුණවර්ධන මහතා දීර්ඝ කාලයක්, චීන ශ්‍රී ලංකා මිතුදම ශක්තිමත් කිරීමට කළ ප්‍රශස්ත මෙහෙවර සම්බන්ධයෙන් එහිදී සුබ පැතුම් එක් කළ චීන දූත පිරිසේ ප්‍රධානී පෙන් ශියබින් මහතා, චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් එවන ලද ගෞරව සිහිවටනයක් ද පිරිනැමූ බව මහජන එක්සත් පෙරමුණ පවසයි.
නාගරික ජනාවාසී ජනතාවගේ අධ්‍යාපනය, සෞඛ්‍යය ආදී සේවා, මාර්ග තදබදය, වායු දූෂණය අවම කර ගැනීම, මගී ගමන් පහසුව සහ කාර්යක්ෂමතාව වැඩි කළ හැකි චීනයේ නව විදුලි බස් රථ කොළඹ, මහරගම ආදී තදාසන්න ප්‍රදේශවලට එක්කිරීම පිළිබඳව නිරෝෂ් දෙල්පෙචිත්‍ර මහතා කරන ලද සාකච්ඡාව තුළ සුබවාදී ප්‍රතිචාරයක් තිබූ බව ද මහජන එක්සත් පෙරමුණ සඳහන් කළේය.