Home » හෝ චි මිං සොහොන් ගැබට හා යුද විරු ස්මාරකයට පුෂ්පෝපහාර

හෝ චි මිං සොහොන් ගැබට හා යුද විරු ස්මාරකයට පුෂ්පෝපහාර

by sachintha
May 6, 2025 1:01 am 0 comment

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (05) පෙරවරුවේ හනොයි හි යුද විරු ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීය.

අනතුරුව ජනාධිපති මන්දිරයේ ඇති හෝ චි මිං අනුස්මරණ භූමිය නැරඹූ ජනාධිපතිවරයා නිදහස් අරගලයේ නායකයා මෙන්ම නිදහස් වියට්නාමයේ ප්‍රථම ජනාධිපතිවරයා වූ හෝ චි මිං මහතාගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති සොහොන් ගැබ වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT