Home » චාමර සම්පත් යළි රිමාන්ඩ්

චාමර සම්පත් යළි රිමාන්ඩ්

by sachintha
May 6, 2025 1:34 am 0 comment

පොදු දේපළ පනත යටතේ පවරා ඇති නඩුවකට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඊයේ (5) දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා ඊයේ (05) නියෝග කළේය.

ඌව පළාත් මහ ඇමැති වශයෙන් කටයුතු කරමින් සිටියදී ඉකුත් 2016 වර්ෂයේදී පෙර පාසල් ළමයින් සඳහා පාසල් පොත් බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවක් විසින් ලබාදුන් රුපියල් ලක්ෂ දහයක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදු දේපළ පනත යටතේ මන්ත්‍රිවරයාට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබේ.

පසුගිය අප්‍රේල් මස 21 දින සැකකාර මන්ත්‍රීවරයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරනු ලැබූ කරුණු පිළිබඳ සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඊයේ (5) දින දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළේය. ඊයේ දින නැවතත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩිදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

බදුල්ල සමූහ – නිශාන්ත අබේගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT