වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේ දී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ 20 වැනි වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් එහි ප්‍රධාන දේශනය ද අද(06) සිදු කරයි. මෙරට වේලාවෙන් උදෑසන 7.40ට පමණ එක්සත් ජාතීන්ගේ 20 වැනි වෙසක් දින උත්සවය අමතා ජනාධිපතිවරයා සිය ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිත ය. මෙම දේශනය අද දිනයේ පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම අවසන්වීමෙන් පසුව සවස 5.00ට රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය කිරීමට ද කටයුතු යොදා ඇත. “මානව ගරුත්වය සඳහා සහයෝගීතාව සහ ඉවසීම : ලෝක සාමය සහ තිරසර සංවර්ධනය සඳහා බෞද්ධ අවබෝධය” යන තේමාව යටතේ අද ආරම්භ වන එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම මැයි 08 වැනිදා දක්වා පැවැත්වේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, ලාඕසය සහ කාම්බෝජය යන බෞද්ධ රටවල ඉහළ පෙළේ නියෝජිතයන්ද ඇතුළුව රටවල් සහ ප්‍රදේශ 85ක් නියෝජනය කරමින් 2,800ක් පමණ පිරිසක් ඊට සහභාගී වීමට නියමිතය. වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ සංචාරයක නිරත වේ.
උපාලි කරුණාරත්න