ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් එල්ල කරන ලද අවමන්සහගත සහ අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධව ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරන ලද තුසිත හල්ලොලුව යන අයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙරේදා (04) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඔහුගේ නීතිඥ අකලංක උක්වත්ත මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබ ඇත. ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා ද ඊට එක්ව තිබේ. තුසිත හල්ලොලුව නමැති අය විසින් සිදුකර ඇති එම අසත්‍ය ප්‍රකාශය හරහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කීර්ති නාමයට අහිතකර සහ දැඩි අගතිදායී බලපෑමක් සිදු විය හැකි බව ද එම පැමිණිල්ලෙහි සඳහන්ය. තුසිත හල්ලොලුව යන අයට එරෙහිව සහ එකී ප්‍රකාශය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමට කටයුතු කළ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ට එරෙහිව කඩිනම් විමර්ශනයක් සිදු කර නීත්‍යනුකූල පියවර ගන්නා ලෙස ද මෙම පැමිණිල්ල මඟින් ඉල්ලා තිබේ.
උපාලි කරුණාරත්න