යුදඟනාව පුදබිම ආසන්නයේ පිහිටි ගෝමින්ද මිණිහෙළ කඳුවැටියේ ගැමුණු සැදෑතිස් නමින් මහා සෑයක් සහ විහාර පරිශ්‍රයක් ඉඳිකිරීමට පියවරගෙන ඇත.
ඒ සඳහා වූ මූලික සාකච්ඡාවක් ඓතිහාසික යුදඟනාව රජ මහා විහාරාධිපති සියම් මහා නිකායේ ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන, මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී දෙමටමල් රජමහා විහාරාධිපති ගල්ටැම්වත්තේ පුඤ්ඤානන්ද යන නායක ස්වාමීන්වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් එම පුදබිමේදී ඉකුත් 02 වැනිදා පැවැත්විණි.
මෙම දාගැබ සහ පුදබිම ඉදිකිරීම සඳහා ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තැන්පති ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා ඇතුළු දායක දායිකාවන්ගේ අනුග්‍රහය ඒ සඳහා ලබාගැනීමට නියමිතය.
මෙම සාකච්ඡාවට බුත්තල ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.ආර්.එස්. තිලකරත්න, පොලිස් විශේෂ කාර්ය බළකායේ බුත්තල කඳවුරේ ස්ථානාධිපති ජනිත් කුමාර, පැල්වත්ත සීනි කර්මාන්තායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නුවන් ධර්මරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ඌව වෙල්ලස්ස විශේෂ
ඩී.එස්. ගුණතිලක