Home » අරන්තලාවේ දරු පවුලකට යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් නව නි‍ෙවසක්

අරන්තලාවේ දරු පවුලකට යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් නව නි‍ෙවසක්

by sachintha
May 6, 2025 1:50 am 0 comment

උපතින් ආබාධිත වූ දියණියක් සිටින පවුලකට ‘පින්බිම සුරකිමු’ මිතුරු සංසදයේ මුල්‍ය දායකත්වයෙන් ශ්‍රීලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් නි‍ෙවසක් තනා එම නි‍ෙවස ඔවුන්ට භාරදීම පසුගිය දින සිදුවිය.

ශ්‍රීලංකා යුද හමුදාවේ 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් චමින්ද ගලප්පත්ති මහතාගේ මඟ පෙන්වීම මත 243 බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රදීප් කලුපහන මහතාගේ මෙ‍ෙහයවීමෙන් ශ්‍රීලංකා යුද හමුදාවේ 16 වැනි ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරි මේජර් පුන්නද සොයිසා මහතාගේ අධීක්ෂණය යටතේ මෙම නි‍ෙවස හමුදා සෙබළුන් විසින් ඉදි කර තිබේ.

(පින්බිම සුරකිමු) මිතුරු සංසදයේ මූල්‍ය දායකත්වය සහ හමුදාවේ ශ්‍රම දායකත්වය සමඟ ලක්ෂ 30ක පමණ වියදමකින් සාදන ලද මෙම නි‍ෙවස නැඟෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් රවී පතිරවිතාන සහ 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් චමින්ද ගලප්පත්ති මහතා විසින් ආබාධිත තත්ත්වයේ සිටින දියණියට සහ මවට භාරදෙනු ලැබීය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 24 වැනි සේනාංකාධිපති මේජර් ජෙනරාල් චමින්ද ගලප්පත්ති මහතාගේ මඟ පෙන්වීම මත 243 බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රදීප් කලුපහන මහතාගේ මෙහයවීමෙන් ශ්‍රීලංකා යුද හමුදාවේ 16 වැනි ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරි මේජර් පුන්නද සොයිසා මහතාගේ අධීක්ෂණය යටතේ මෙම නි‍ෙවස හමුදා සෙබළුන් විසින් ඉදි කර තිබේ. අරන්තලාව ගම්මානයේ පදිංචි මෙම පවුලේ දැනට සිටින්නේ මව සහ ආබාධිත තත්වයෙන් ඇති දියණිය පමණකි. මෙම දෙදෙනා ඉතා දුගී පැල්පතක ජීවත් වෙන බව අරන්තලාව ග්‍රාම නිලධාරිනිය විසින් 16වැනි ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරි මේජර් පුන්නද සොයිසා මහතාට දැනුම් දී තිබේ. ඒ අනුව මෙම නි‍ෙවස ගැන සොයා බලා මේ පිළිබඳව 24 වැනි සේනාංකාධිපති මේජර් ජෙනරාල් චමින්ද ගලප්පත්ති මහතාට පවසා ඔහුගේ අවසරය පරිදි නව නි‍ෙවසක් සැදීම ආරම්භ කරනු ලැබීය. එසේ ඉදිකරන ලද නි‍ෙවස අද එම දියණියට භාරදෙනු ලැබීය.

තමන් අසරණව සිටින අවස්ථාවක මෙවන් නි‍ෙවසක් සකස් කරදීමට හමුදාව කටයුතු කිරීම පිළිබඳව චතුසි අමා දිසානායක දියණිය හමුදා නිලධාරින්ට ස්තුති කරනු ලැබීය.

දිගාමඬුල්ල විශේෂ – වසන්ත චන්ද්‍රපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT