Home » එකෙක් මියගිහින් අනෙකා වනජීවීයට
ගෝන්නු දෙදෙ­‍ෙනක් කන්දකින් පහළට

එකෙක් මියගිහින් අනෙකා වනජීවීයට

by sachintha
May 6, 2025 1:11 am 0 comment

පැලවත්ත, නෙළුව මාර්ගයේ 11 කණුව ආසන්නයේ කන්දෙන් පහළට වැටී සිටි ගෝන්නු දෙදෙනෙකු ඉකුත් 03 වැනිදා රාත්‍රියේ සොයා ගත් බව තීනියාවල පොලීසිය පවසයි.

අඩි 15ක් පමණ උසින් යුතු එම කන්දේ සිට පහල ඇති නිවෙසේ ඉස්තෝප්පුවට මෙම සතුන් වැටී ඇති අතර ඉන් එක ගෝනෙකු එම ස්ථානයේදී මිය ගොස් සිට ඇති බව පොලීසිය පවසයි.

නිවෙස් හිමියන් මේ බව දැක පොලීසිය දැනුම්වත් කර ඇති අතර තීනියාවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කමල් බණ්ඩාර මහතා විසින් අත්තිඩිය වනජීවී කාර්යාලයට දැනුම් දීමෙන් පසු එම නිලධාරීන් පැමිණ සතුන් රැගෙන යාමට කටයුතු කර තිබේ.

හල්තොට සමූහ – විනීතා මානෙල් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT