හිරියාල ආසනයේ ගනේවත්ත ගොවිජන සේවා කමිටු බල ප්‍රදේශයට අයත් අක්කර 56ක පමණ විශාලත්වයකින් යුත් බතලගොඩ ව්‍යාපාරයෙන් ජලය ලැබෙන හිරිපිටිය මහවැව අද වන විට ජලජ පැළෑටි වැවී විනාශයට යමීන් පවතී.
හිරිපිටිය මහ වැව යටතේ වැලිකඩේ, ගල්හීන්න සහ නැලව යන ප්‍රදේශවල කුඹුරු අක්කර 450ක පමණ යල මහ කන්නයේම වගා කටයුතු කිරීම සඳහා අවශ්‍ය ජලය සපයන ප්‍රධාන වාරි මාර්ගයකි. මෙම වැව දීර්ඝ කාලයකින් ක්‍රමවත්ව ප්‍රතිසංස්කරණයට ලක් නොවීම නිසා මෙම තත්ත්වය ඇතිවීමට හේතුවී ඇත. මෙයට වසර 10කට පමණ එකල පැවැති රජය මඟින් වීශාල මුදලක් වැය කර වැව ගැඹුරු කරන බව පවසා වැඩ ආරම්භ කළ නමුත් ඒ සඳහා වැය කළ මුදලට සරිලන තරම් ප්රතිසංස්කරණයක් සිදුවුණේ නැතැයි ද ගොවීහු පවසති.
මෙම වැව සම්බන්ධව අදහස් දක්වන කේ.පී. ජයසේන,
“හිරිපිටිය හා අවට ප්‍රදේශවල ජීවත්වෙන වැඩි දෙනෙක් හිරිපිටිය මහවැව යටතේ තමයි කුඹුරු වගා කරන්නේ අද වැව තුළ සම්පූර්ණයෙන් ජලජ පැළෑටි වැවිලා. අපි කුඹුරු වැඩ අවසන්වූ පසු වැවෙන් නාලා තමයි ගෙදරට යන්නේ. අද වැවේ නාන්න විදියක් නැහැ. නාන තොටුපොළවල්ද අද කැලයට යටවෙලා. මෙයට වසර ගණනාවකට ඉහතදී හිරිපිටිය මහවැවෙන් තමයි නගරයේ සියළු දෙනාම නෑවේ. අද කිසිම කෙනෙකුට ඒ අවස්ථාව ලබා ගන්න බැහැ.”
ඩබ්ලිව්.එම්. වනසිංහ,
“හිරිපිටිය වැව යටතේ කුඹුරු අක්කර 450ක කුඹුරු යායකට අවශ්‍ය ජලය ලබා දෙනවා. නමුත් වැව ගොඩවී වල් බිහිවීම නිසා වැව ඇතුළත ප්‍රමාණවත් ජලයක් ගබඩා කරන්න විදියක් නැහැ. අවුරුදු ගණනාවක් තිස්සේ විශාල තට්ටු වශයෙන් වැව ඇතුළත රැඳී තිබෙන රොන් මඩ ඉවත්කර වැව ගැඹුරු කරන් ඕන. එවිට ස්ථිර වශයෙන් ජලය ගබඩා වෙනවා. වැවේ ජලජ පැළෑටි ඉවත් කරන්න විශාල මුදලක් අවශ්‍ය වෙනවා. ගොවි සමිතියට එය කරනන් අපහසුයි. වත්මන් රජයේ අවධානය යොමු කර ක්‍රමවත්ව වැව සකස් කර දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා.”
කටුපොත විශේෂ – බී.ඒ.එන්. ශාන්ත කුමාර