Home » කඳ සුරිඳු සහන යාත්‍රාව මොනරාගලදී

කඳ සුරිඳු සහන යාත්‍රාව මොනරාගලදී

by sachintha
May 6, 2025 1:12 am 0 comment

ශ්‍රී ලංකාව පුරා වීදි සරණ අසරණ ජීවිත යළි නඟාසිටුවීමට අත්වැලක් සැපයීම වෙනුවෙන් දියත්කරනු ලබන සත්කාරක සේවාවේ මොනරාගල දිස්ත්‍රික් වැඩසටහන මොනරාගල, වැල්ලවාය සහ බඩල්කුඹුර නගරවලදී පෙරේදා (04) පැවැත්විණි. මෙහිදී නගරවල ජීවත්වන සරණක් අවැසි වීදි සරන පුද්ගලයින් නහවා, කොණ්ඩ, රැවුල් කපා අලුත් ඇඳුම් ලබාදී ආහාරවලින් සංග්‍රහ කෙරිණි.

මෙම වැඩසටහන කතරගම දෙවියන්ට පින් පිණිස ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ අදහසක් මත ක්‍රියාත්මක කෙරිණි.

ඌව වෙල්ලස්ස විශේෂ – ඩී.එස්. ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT