Home » භික්ෂුන් වහන්සේ සියක් නමක් නුවරඑළියේ පිණ්ඩපාත චාරිකාවේ

භික්ෂුන් වහන්සේ සියක් නමක් නුවරඑළියේ පිණ්ඩපාත චාරිකාවේ

by sachintha
May 6, 2025 1:43 am 0 comment

රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියේ පැවැත්වීමට සමගාමීව තායිලන්ත සහ ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේලා සියක් නමක් ඊයේ (05) නුවරඑළිය නගරයේ පිණ්ඩපාත චාරිකාවක නිරත වූහ. නුවරඑළිය ජනාධිපති මැඳුර අසලින් ආරම්භ කළ පිණ්ඩපාත චාරිකාව නුවරඑළිය නගර මධ්‍යයෙන් නුවරඑළිය, හාවාඑළිය අසෝකාරාම විහාරස්ථානය දක්වා වැඩම කෙරිණි.

2025 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව ලෝක තරුණ බෞද්ධ සංගමයේ සභාපති දඹගොල්ලේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ, නුවරඑළිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ නිර්මාතෘ සහ මහ ලේකම් පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේ පිණ්ඩපාත චාරිකාවේ වැඩම වනු ලැබූහ.

හැටන් – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT