නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12ක් සඳහා සභිකයන් තුන්සිය දෙනකු (300) තෝරා ගැනීම සඳහා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට මෙම දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් 610,117 දෙනකු සුදුසුකම් ලබා ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසුවාය.
පළාත් පාලන මැතිවරණය පිළිබඳව අදහස් දක්වමින් මේ බව පැවසූ තුෂාරි තෙන්නකෝන් මහත්මිය එහිදී වැඩිදුරටත් පවසා සිටියේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහ නගර සභ එකක්, නගර සභා දෙකක්, ප්‍රාදේශීය සභා නවයක් වශයෙන් පළාත් පාලන ආයතන 12ක් සඳහා සභිකයන් 300 දෙනකු තෝරා ගැනීමට නියමිත අතර මේ සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 80කින් හා ස්වාධීන කණ්ඩායම් 09කින් අපේක්ෂකයන් 2485 දෙනකු තරග බිමට පිවිස ඇති බවයි. මෙම දිස්ත්‍රික්කයේ ජන්දදායකයන් 610,117 දෙනා අතරින් තැපැල් ඡන්ද දායකයන් 18,342ක් වන අතර එම තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 131ක් ස්ථාපිත කර ඇති බවත්, අද (06) තම ඡන්දය භාවිත කිරීම සඳහා අනිකුත් ඡන්දදායකයන් සඳහා ඡන්ද මධ්‍යස්ථාන 540ක් ස්ථාපිත කර ඇති බවත් ඇය පැවසුවාය.
එමෙන්ම මැතිවරණ රාජකාරි සඳහා නිලධාරීන් 6352ක් යොදවා ඇති අතර, මැතිවරණ රාජකාරි සඳහා රථ වාහන 672ක් උපයෝගී කර ගන්නා අතර එයින් රජයේ රථ වාහන 63ක් වන අතර පෞද්ගලික රථ වාහන 609ක් ද වන බව තුෂාරි තෙන්නකෝන් මහත්මිය වැඩිදුරටත් පවසා සිටියාය.
හැටන් මධ්‍යම වීශේෂ