ඉන්දියාවේ පැවති “බැට්ල් ඔෆ් ද බෑන්ඩ් ජාත්‍යන්තර” (Battle of the Band – International) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ “නයිට්ස්” (Knights) සංගීත කණ්ඩායම, එහි අනුශූරතාව දිනා ගනිමින්, දෙවන ස්ථානයට පත්ව, ඊයේ (05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
ඉන්දියාවේ තොරතුරු සහ විකාශන අමාත්‍යාංශය සහ එරට “සරිගම” සංගීත ආයතනය එක්ව සංවිධානය කළ, පළමු වරට පැවති මෙම තරගාවලිය ඉකුත් මාර්තු 01 වැනිදා සිට අප්‍රේල් 04 වැනිදා දක්වා, ලෝකයේ රටවල් 12ක සංගීත කණ්ඩායම් 12කගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ මුම්බායි නුවර පවත්වා ඇත. මෙම සංගීත කණ්ඩායමට තරිඳු නිර්මාණ, දනිඳු පෙරේරා, රුක්ෂාන් සිල්වා, කවිෂ්ක අශාන් සහ ගීසර විජේකෝන් කණ්ඩායමක් ලෙස තරගාවලිය නියෝජනය කර ඇත.
අනුශූරතාව රැගෙන ඊයේ (05) උදෑසන 06.14ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 142 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර, ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ගුවන් තොටුපොළ කළමනාකරු වාසනා කුමාරි, ජනප්‍රිය ගායිකා සමිතා මුදුන්කොටුව අතුල අධිකාරි ඇතුළු පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
කටුනායක – ටී.කේ.ජී. කපිල