Home » පොලොන්නරු දිස්ත්‍රික්කය මැතිවරණයට සූදානම්

පොලොන්නරු දිස්ත්‍රික්කය මැතිවරණයට සූදානම්

වනඅලි තර්ජනයට වනජීවී නිලධාරීන් කණ්ඩායම් 18ක්

by sachintha
May 6, 2025 1:19 am 0 comment

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් ආයතන අටක් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්දදායකයින් තුන් ලක්ෂ පනස් හතර දාහක් සුදුසුකම් ලබා ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහතා පවසයි. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන 299ක් පිහිටුවා ඇති අතර පළාත් පාලන ආයතන අටක් වෙනුවෙන් මන්ත්‍රී ධුර 166ක් තෝරාපත් කරගැනීම සඳහා අපේක්ෂකයින් 1251 දෙනෙකු මෙවර මැතිවරණයට ඉදිරිපත් වී ඇති බව ද ඒකනායක මහතා පවසයි. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන අනූ අටක් පිහිටුවා ඇති අතර, අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීම සඳහා පොලොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලය යොදාගන්නා බවත්, දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් පන්දහකට ආසන්න සංඛ්‍යාවක් රාජකාරි කටයුතු සඳහා යොදවා ඇති බවත්, වනඅලි තර්ජන බහුල ප්‍රදේශවල මැතිවරණ රාජකාරීවල නිරත නිලධාරීන්ගේ සහ ඡන්දදායකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් වනජීවී නිලධාරීන් කණ්ඩායම් දහඅටක් යොදවා ඇති බව ද සුජන්ත ඒකනායක මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

මැතිවරණ රාජකාරි කාලසීමාව තුළ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව සුළු පැමිණිලි අසූපහක් මේ වනවිට ලැබී තිබෙන බව ද හෙතෙම පැවසීය.

සිරිපුර – මදුශානි අබේසිංහ, ඇලහැර සමූහ – සරත් වෙලගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT