Home » නුවරඑළියේ රෝගීන් 500කට නොමිලේ අක්ෂි සැත්කම්

නුවරඑළියේ රෝගීන් 500කට නොමිලේ අක්ෂි සැත්කම්

by sachintha
May 6, 2025 1:20 am 0 comment

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අක්ෂි රෝගීන් 500 දෙනකුගේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මය අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් පසුගිය 2 හා 3 වැනි දිනයන්හිදි නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ සහ හැටන් දික්ඔය මූලික රෝහලේදී නොමිලේ සිදු කළ බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා පැවසීය.

ඒ අනුව, දික්ඔය මූලික රෝහලේ ශල්‍යකර්ම 250ක් සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍යකර්ම 250ක් සිදු කළ බව වෛද්‍යවරයා සඳහන් කළේය. මෙම රෝහල් දෙකේම බලප්‍රදේශ තුළ අක්ෂි රෝගීන් හඳුනාගෙන ඔවුන්ට සායන පවත්වා ඉන් තෝරාගත් අක්ෂි රෝගීන්ට මෙම ශල්‍යකර්මය සිදු කළ බව වීරසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

හැටන් – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT