නුවරඑළිය ‘වසන්ත උදානය’ සඳහා නුවරඑළිය නගරයේ පදික වේදකාවල තාවකාලික වෙළෙඳසල් පවත්වාගෙන ගිය අය විසින් නගරයේ සුන්දර පරිසරය විනාශ කර ඇති බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.
ඔවුන් පෙන්වා දෙන්නේ, පසුගිය අප්‍රේල් මස 1දා දින සිට 21 දා දක්වා නුවරඑළිය මහ නගර සභාව මඟින් වසන්ත උදානය පවත්වාගෙන යනු ලැබූ බවයි. එම වසන්ත උදානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කර ගනිමින් තාවකාලිකව වෙළෙඳසල් ඉදිකර ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යෑම සඳහා ටෙන්ඩර් පටිපාටියට අනුව අප්‍රේල් මස 30 වැනි දින දක්වා ව්‍යාපාර කටයුතු කරගෙන යෑමට මහ නගර සභාව අවසර ලබා දී තිබුණි. නියමිත කාලය අවසන් වීමෙන් පසු නුවරඑළිය ධර්මපාල වටරවුමේ සිට නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණය දෙසින් පදික වේදිකාවේ ඉදිකර තිබූ තාවකාලික වෙළෙඳසල් ගලවා ඉවත් කළද ඒවායෙන් ඉවත් කරන ලද පොලිතීන් ඇතුළු ඝන අපද්‍රව්‍ය එම වෙළෙඳුන් පදික වේදිකාවේම මුදා හැර ඇති අයුරු අපට ද දැක ගත හැකි විය.
ඒ අනුව ප්‍රදේශවාසීන් අදාළ අංශ වෙතින් ඉල්ලා සිටින්නේ, නුවරඑළිය නගරය පිරිසුදු කරමින් පෙර තිබූ සුන්දරත්වය නගරයේ ඇති කිරීමට පියවර ගන්නා ලෙසයි.
හැටන් – රංජිත් රාජපක්ෂ