Home » කාලගුණය අයහපත්: උදෙන්ම ඡන්ද මධ්‍යස්ථානවලට එන්න

කාලගුණය අයහපත්: උදෙන්ම ඡන්ද මධ්‍යස්ථානවලට එන්න

-බදුල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී

by sachintha
May 6, 2025 1:29 am 0 comment

බදුල්ල දිස්ත්‍රික්කයේ මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද ( 6) පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී කල්වේලා ඇතිව උදෑසනම ජන්ද මධ්‍යස්ථානයට ගොස් ඡන්දය ප්‍රකාශ කරන ලෙසට බදුල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මේ දිනවල බදුල්ල දිස්ත්‍රික්කයට දහවල් වන විට ධාරානිපාත වර්ෂාව පතිත වන අතර, මේ හේතුවෙන් ප්‍රදේශයේ පස් කඳු, ගල් පර්වත හා ගස්කොළන් කඩා වැටී නාය යෑමෙන් මාර්ග අවහිරතා ඇතිවීමේ අනතුරුදායක තත්ත්වයක් උදා වී ඇති බව ද හෙතෙම අවධාරණය කළේය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන කාලගුණ වාර්තාව අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින මෙම අයහපත් කාලගුණික තත්ත්වය සමඟ වර්ෂාව මේ මස 13 වැනි දින තෙක් පවතින බව පවසන ඒ මහතා, මේ නිසාවෙන් අද (6) පැවත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා සිය ඡන්ද මධ්‍යස්ථානයට කල්වේලා ඇතිව ගොස් කිසිදු බාධාවකින් තොරව ඡන්දය ප්‍රකාශ කරන ලෙසට ඡන්දදායකයන්ට දැනුම් දුන්නේය.

සොරණාතොට සමූහ – සී. ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT