සුපර් ෆයිටර්ස් කුසලානය සඳහා වන වාර්ෂික තුන්කොන් චෙස් තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය සමත් විය.
සත්කාරක හොරණ තක්ෂිලා සමඟ මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර සහ මතුගම ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසල එක්වූ මේ තරගාවලියේදී අවුරුදු 13න් පහළ, 15න් පහළ බාලක කණ්ඩායම් සහ 20න් පහළ විවෘත යන තරග අංශ ත්‍රිත්වයම ජය ගැනීමට තක්ෂිලා මධ්‍ය විද්‍යාලීය කණ්ඩායම් සමත් විය. 13න් පහළ බාලක සහ 15න් පහළ බාලක අනුශූරතා සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විදුහලට හිමි වූ අතර, 20න් පහළ විවෘත අංශයේ අනුශූරතාව ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට හිමි විය. 13න් පහළ සහ 15න් පහළ බාලිකා ශූරතාව මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය විසින් හිමිකර ගත් අතර, එහි අනුශූරතා පිළිවෙළින් තක්ෂිලාවට සහ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට හිමි විය.
තක්ෂිලා මධ්‍ය විද්‍යාලය ලකුණු 470ක් ලබාගත් අතර, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය ලකුණු 395 සහ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ලකුණු 190ක් හිමි විය.
ත්‍යාග ප්‍රදානෝත්සවය තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති නිරෝග වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර, කළුතර දිස්ත්‍රික් චෙස් සංගමයේ සභාපති දයාල් සිරිවර්ධන, ලේකම් සමීර දිසානායක, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනී නදීෂා ලක්මිණි, ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසලේ විදුහල්පති රන්දුනු ජයලත් යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගි වූහ.
හල්තොට සමූහ – විනීතා මානෙල් ගමගේ