Home » සසෙක්ස් ක්‍රීඩා ශූරතාව මීගමුවට

සසෙක්ස් ක්‍රීඩා ශූරතාව මීගමුවට

by sachintha
May 6, 2025 1:07 am 0 comment

මෙරට විශාලතම ඉංග්‍රීසි මාධ්‍ය පාසල් ජාලයක් වන සසෙක්ස් පාසල් ජාලයේ වාර්ෂික ක්‍රීඩා උලෙළ පසුගියදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

දිවයින පුරා විසිරී ඇති පාසල් 20ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවති මේ ක්‍රීඩා උලෙළේ ශූරතාව දිනා ගැනීමට මීගමුව සසෙක්ස් පාසල සමත් වූ අතර, අනුශූරතාව රත්නපුර සසෙක්ස් විදුහලටත්, තෙවැනි ස්ථානය මහනුවර සසෙක්ස් විදුහලටත් හිමි විය. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාවට පිරිනැමෙන සම්මානය රත්නපුර සසෙක්ස් විදුහලේ නිෂාරි සහන්සා හිමිකර ගත්තාය. තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය මේජර් ජෙනරාල් කේ.එන්.ඩී. කරුණාපාල සහ සසෙක්ස් පාසල් ජාලයේ නිර්මාතෘ හා සභාපති කේ.ඒ. සුනිල් ජයතිස්ස මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT