Home » වැලිකඩ බන්ධනාගාරයෙන් රිවොල්වරයක් හමුවෙයි

වැලිකඩ බන්ධනාගාරයෙන් රිවොල්වරයක් හමුවෙයි

by sachintha
May 6, 2025 1:32 am 0 comment

වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් තුළ තිබී රිවොල්වරයක් හමුවී ඇත.

වැලිකඩ බන්ධනාගාරයේ එල් වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල ඊයේ (05) පස් ඉවත් කිරීමේදී 0.38 (විශේෂ) වර්ගයේ මෙම රිවොල්වරය හමු වී තිබේ.

බොරැල්ල පොලිසියට කළ දෑනුම්දීමකට අනුව පැමිණි පොලිස් නිලධාරීන් මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් පැවසීය.

මේ සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරය මගින් ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කළේය.

එම රිවොල්වරය වසර කිහිපයක් පාස්වලට යට වි තිබී ඇති බව බොරැල්ල පොලිසිය සඳහන් කරයි. එහි අංකය ඔස්සේ එම අවිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන බව පොලිසිය සඳහන් කරයි.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT