දහම වන්නේ ශාස්තෘන්වහන්සේලා ඉදිරිපත් කළ මිනිසාට ජීවත් වීමේදී වැදගත් වන කරුණු, මඟ පෙන්වීම් පරාසය වශයෙන් සරලව හඳුන්වා දිය හැකියි. එහෙත් ආගම තුළින් එහි දහමේ යම් ආයතනීකරණයක්, සකසා ගැනීමක් හඳුනා ගැනීමට පුළුවන. එය දහමෙන් පෙර කී මඟ පෙන්වීම් පවත්වාගෙන යෑමට කටයුතු කිරීමකි. එහෙත්, අද සමාජය ගත්විට ඊට ආගමක්, දහමක් ඕනෑද වශයෙන් ද කෙනකුට ගැටලු මතු වන්නට පුළුවන.
එසේම බොහෝවිට අද සමාජයේ තරගකාරිත්වයක් ද දක්නට ලැබේ. එයින් ජය ගන්නා ශක්තිවන්තයන් ඉදිරියට යෑමත් නිතර දක්නට පුළුවන. ඇත්තෙන්ම, තරුණයකුගෙන් ජීවන අරමුණ විමසුවද ඔවුන් වැඩි දෙනකු යම් ස්ථාවරයකට පත්වීම පිළිබඳ අවධාරණය කරනු ඇත. ශිෂ්‍යයකුගෙන් එම පැනයට පිළිතුරු විමසූ විට ද එවැනිම පිළිතුරක් ලැබෙනු ඇත. එහෙත් එම අපේක්ෂිත මට්ටම කුමක්දැයි පෙන්වා දීමට ඒ බොහෝ දෙනකු අසමත් වී ඇති සැටියකි. පුද්ගල අරමුණ තවත් පැතිකඩකි. තනි තනි පුද්ගලයන්ගෙන් ඒ පිළිබඳ විමසා බැලුවහොත් විවිධ පිළිතුරු ලැබෙනු ඇති.
ළමයකු ලොකු මහත්වූ පසුව දේශපාලනඥයකු වන්නට කැමැත්ත පළ කළ හැකියි. ඒ, පුද්ගල අභිවෘද්ධිය පිණිස ආර්ථික සමෘද්ධිය ඉලක්ක කරගෙන වන්නටත් පුළුවන. එය අපට දක්නට ඇති තත්ත්වයයි. එය දහම සමඟ බැඳේ.
තවද, බොහෝ දෙනකු විවාහ වීමට ස්ථාවරයකට පත්වීම ප්‍රධාන සාධකයක් ලෙස සලකති. ඒ හැරෙන්නට අලුත විවාහ වූ සමහරෙක් ජීවිතය කලක් විඳ ඉන් පසුව දරුවන් හදා ගැනීමට කල්පනා කරන්නටත් පුළුවන. ඒ කෙසේ වෙතත්, තවත් සමහරු කාලයට ඉඩදී, තරුණ විය ගෙවුණු පසුව විවාහ ජීවිතයට ඇතුළත් වන්නට සහකරුවකු, සහකාරියක සොයනු පෙනේ. එහෙත් එවිට ජීවිතය දුෂ්කර විය හැකියි. එවිට ජීවිත ඵලදැරීම අඩු වන්නටත් ඉඩ ඇත.
බොහෝ දුරට පවුල් තුළ දරුවන් හැදීමේ අඩුකම ද මෙරටටත් ගැටලුවකි.
එසේම, පවුල කේන්ද්‍ර කර ගැනීමත්, පවුලක් වශයෙන් හොඳින් සිටීමේ වැදගත්කමත් සෑම ආගම, දහමකින්ම ඉස්මතු කරන වගත් පැහැදිලිය. දහමෙන් සත්‍ය ඉගැන්වීම කළ හැකියි. කතෝලික දහමේ වුවද වැඩිහිටියන්ට ගරු කිරීම, හොර, බොරු, වංචා නොකිරීම ආදියත් සමඟ දෙවියන් යන පුද්ගලයකු විශ්වාස කිරීම පිළිබඳ හඳුනා ගත හැකිය. ඒ සමඟ අප මරණය ද මරණයෙන් පසුව අලුත් ජීවිතයක් කෙරෙහි ද විශ්වාසයක් පවතියි.
සැබැවින්ම මරණයෙන් පසුව ජීවිතය පිළිබඳ ද අපේක්ෂා මිනිසුන් තුළ පවතියි. බෞද්ධ දර්ශනයේදීත් කර්මය වශයෙන් ඒ පිළිබඳ අවධානය යොමු කෙරේ. සෙසු ආගම් කෙරෙන් ද එය හඳුනා ගත හැකිය. මේ අනුව දහම අපට ක්‍රමවේදයකි. එහෙත් අද එවැනි ක්‍රමවේදයක් වේද යන්න ගැටලුකාරිය. පැවැතියද එය දහම සමඟ එකඟද යන්න ද කතාබහට ලක් වන්නකි. අදේවවාදීන් තුළ වුවද එක්තරා දහමක් සහ ඇදහීමක් පරික්ෂාවෙන් එදෙස බලන විට හඳුනා ගත හැකිය.
සැබැවින්ම දහමෙන් ජීවත් වන විදිය පිළිබඳ කියාදෙයි. එසේම, ආගමක, දහමක අවශ්‍යතාවක් ජීවිතයට වෙයි. ඒ තුළින් එක්තරා අන්දමක මාර්ගයක් පෙන්වයි. ඒ මඟ දෙස බැලූ විට, අප ගමන් කරන මඟ සංසන්දනාත්මකව අපට බැලිය හැකියි. ඒ ජීවිතයට නව ආලෝකයක් වනු ඇත.
උපදෙස්
ප්‍රදීප් උදාර (නිමනි) පියනම
නුවන් ජයවික්‍රම