31
2025 ජුබිලි වසර වෙනුවෙන් ජේසුතුමන් ඇඟලූ කබාය මේ මස 11 දින දක්වා මහජන ප්රදර්ශනය පිණිස ප්රංශයේ අජෙර්න්ටියුල්හි ශාන්ත ඩෙනිස් බැසිලිකාවේ තබා ඇත. එතුමන් අවසන් රාත්රි භෝජනයට සහභාගි වූ අවස්ථාවේ සිට කුරුසිය පාමුල දක්වා ඇඟලා සිටි කබාය මෙය බවට විශ්වාස කෙරේ. ඒ අනුව ක්රිස්තුස් වහන්සේගේ ශාරීරික දුක්ප්රාප්තියේ සාක්ෂියක් ලෙස මේ කබාය දැක්විය හැකිය. එය සුරක්ෂිතව පැවත එමින් අද වන විට පැරීසියට නුදුරින් පිහිටි අජෙර්න්ටියුල් වෙත හිමිවී තිබේ.
නුවන් ජයවික්රම