ශ්‍රී ලාංකේය සංක්‍රමණිකයන් ඉතාලියේ පාදුවා නුවරදී වාර්ෂිකව පවත්වනු ලබන කිතුනු ශ්‍රී ලාංකිකයන්ගේ රැස්වීම පාදුවාහි ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ බැසිලිකාවේ පසුගිය මැයි පළමුවැනිදා පැවැත්විණි.
27 වැනි වරටත් පවත්වනු ලැබූ එම රැස්වීමේ ප්‍රධාන ආරාධිත වශයෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සහභාගි වූහ. ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකේය සැදැහැවතුන් සහ ආත්මීය උපාද්‍ය පියවරුන් සියලුදෙනාගේ සහභාගිත්වයෙන් පැවති දිව්‍ය යාගයේ මුලසුන හෙඹවූයේ ද අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ය.
මීට වසර 6කට පෙර පාස්කු ඉරිදා දින කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී සිදුවූ ප්‍රහාරය කිසි දිනක යටපත් කිරීමට ඉඩ නොදෙන බවත් සත්‍ය වසන් කිරීමට උත්සාහ කරන සියලු දෙනා දරන සියලු ප්‍රයත්නයන් අසාර්ථක වන බවත් උන්වහන්සේ වැඩිදුරටත් එහිදී තවදුරටත් විස්තර කළහ.