29
කිතුනු දරුවන්ට සහ කිතුනු දහමටත් සමාජයීය සුබසාධනයටත් කළ සේවාව වෙනුවෙන් ඉනෝකා පොලිං වික්‍රමසිංහ පැවිදි සොයුරිය 9 වන ශ්‍රේෂ්ඨ මව් තුමිය ලෙස තේරී පත්වී තිබේ. සදාසරණ පැවිදි නිකායේ 9 වන නිකායික සමුළුව ඉකුත් මස 21 සිට 26 දක්වා බෝලවලානේ ෂෙරින් පාස්චර් නිවාසයේ දී පැවැති අවස්ථාවේදී මේ පත්වීම ලබාදී තිබේ.
ඉනෝකා පොලිං පැවිදි සොයුරිය නායකකන්ද පදිංචිව සිට නැසීගිය පැට්‍රික් වික්‍රමසිංහ මහතා සහ ජීවත්ව සිටින නැන්සි වික්‍රමසිංහ මහත්මියගේ ආදරණීය දියණියයි. ඇය නායකකන්ද යහපත් එඬේරා කන්‍යාරාමයෙන් සහ කඳාන ද මැසෙනොඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරීය.
ඉරෝෂා දීපානි