Home » බැති සිතින් පෙළ ගැසෙමු

බැති සිතින් පෙළ ගැසෙමු

by sachintha
May 7, 2025 1:59 am 0 comment

තව නොබෝ දිනකින් සුවිශේෂී වූ පොහෝ දිනයක් සැමරීමට බොදුනුවෝ සූදානම්ව සිටිති. ඒ සිදුහත් කුමාරයාගේ උපත, බුදුවීම, බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම සිදුවූ වෙසක් පුර පසළොස්වක පෝය දිනයයි. එය සියලු බෞද්ධ ජනතාවට වැදගත්වන පෝය දිනයකි. බෞද්ධයා වැඩි වශයෙන් ආගමික කටයුතුවල නිරතවන පෝය දිනයයි. මෙදින බාල, තරුණ, මහලු සියලු දෙනාම එකට එක්වී දාන, ශීල, භාවනා ආදි ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වෙති. නමුත් මෙම පින්බර වෙසඟේ අප අනුනට කරදරයක් නොවන ලෙස වෙසක් දිනය සැමරිය යුතුය. වර්තමානයේ දන්සැල් ආදිය ක්‍රියාත්මක වේ. තරුණ පරපුර මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරති. නමුත් වෙසක් පෝය දිනයේ සිදුකරන දන්සල් නිසා ජනතාව මහත් අපහසුවට පත්වේ. මන්ද දන්සල් පවත්වනු ලබන ස්ථානවල සංගීතය වාදනය කරමින් බජව්වක් බවට පත් කර ඇත. එය බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිදුකරන මෙම දිනයට ගැළපෙන ක්‍රියාවක් නොවේ. අපි මහත් බැතියෙන් සමරන මෙම වෙසක් පෝයට නිගරු නොකළ යුතුය. අප එසේ සිදු කරන ආගමික පිංකම අනුනට කරදරයක් නොවන ලෙස සිදු කළ යුතුය.

බොහෝ තරුණ පරපුරට මෙම පෝය දිනය පිළිබඳව ඇගයීමක් නැත. පෝය දිනයට නිගරුවන ලෙස කටයුතු කරයි. තවද මෙම වෙසක් පෝය දිනයේ බොහෝ වෙහෙර විහාරස්ථානවලදී බොහෝ වටිනා පිංකම් සිදුකරයි. දිවයිනේ වෙහෙර විහාරයන්හි පෙරහැර මංගල්‍යයන්ද පැවැත්වේ. එයද නොගැළපෙන ලෙස සංවිධානය කර තිබේ. බෞද්ධ මූලධර්මයට නොගැළපෙන ලෙස සිදු කරන බවක් දක්නට ලැබේ. ලංකාවේ බොහෝ විහාරස්ථාන අතරින් මෙම වෙසක් පොහෝ දිනයේ සිදු කරන සුවිශේෂී පෙරහැර මංගල්‍යයන්ද මෙවර වෙසක් පුර පසළොස්වක පෝය දිනයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මනහර මහින්ද වෑකඩ

බෙලිගල, කෑගල්ල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT