Home » දහම් පාසල් පිළිබඳව මතයක්

දහම් පාසල් පිළිබඳව මතයක්

by sachintha
May 7, 2025 1:54 am 0 comment

දහම් පාසල් අධ්‍යාපනයට අවුරුදු සිය ගණනක දීර්ඝ ඉතිහාසයක් ඇත. මෙම දහම් පාසල් අධ්‍යාපනයේ පරමාර්ථය වී ඇත්තේ බුදුදහම පිළිබඳ කරුණු අවබෝධ කිරීම පමණක් නොව ඒ තුළින් සමාජයේ ජීවත් වන සියලුම දූ දරුවන්ගේ අනාගත අභිවෘද්ධියට මානව සමාජයේ අභිවෘද්ධියට කරුණු අවබෝධ කිරීමය. ඒ තුළින් එම දරුදැරියන් තුළ ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛරය, අධික තණ්හාව කලකෝලාහල ආදියෙන් තොරව යහපත් පුරවැසියන් ලෙස ජීවත්වීමේ පරමාර්ථය අවබෝධ කරදීමයි. මේ අනුව විමසන විට වත්මන් සමාජයේ ජනාධිපතිතුමා ඇතුළු සියලුම පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු මෙන්ම රටවැසි බොහෝ දෙනා ළමා කාලයේ දහම් පාසල් අධ්‍යාපනය ලබා ඇතැයි විශ්වාස කළ හැකිය. දහම් පාසල් සේවයේ යෙදී සිටින ගුරු පිරිස කාලයත්, ශ්‍රමයත්, ධනයත් වැයකොට අද දක්වාම එම සේවා ඉටු කරති.

වත්මන් ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් අනාගත මැතිවරණ සඳහා නිකුත් කර ඇති “ජය නියතයි ගම අපිටයි” මැයෙන් යුත් ප්‍රතිපත්ති ප්‍රකාශයේ වැදගත් කරුණු රැසක්ම ඉදිරිපත් කර ඇත. එය අගය කළ යුතුය. එහෙත් දහම් පාසල් අධ්‍යාපනය ගැන එහි කිසිවක් සඳහන් කර නොමැත. එහෙත් ළදරු පාසල් සඳහා අතිරේක දීමනාවක් පිළිබඳව සඳහන් වේ. එම ළදරු පාසල් තුළින් මාස් පතා ශිෂ්‍ය පිරිසගෙන් රුපියල් දහස් ගණන් අය කරති. ඊට අපගේ විරෝධයක් නැත. එසේම මෙතෙක් දහම් පාසල් ගුරු පිරිසට දෙන ලද නිල ඇඳුම් සහ අවුරුද්දකට දෙන රු 5000 දීමනාවත් ලැබී නැත. දීර්ඝ ලෙස කරුණු දැක්වීම අවශ්‍ය නැත.

ලත්පඳුරේ අමරවංශ හිමි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT